Thursday 22 November 2012

National Blood Bank,Sri lanka -  ( News Edit by Dimuthu )


Wednesday 21 November 2012

රුධිර මධ්‍යස්ථානය ලබා දෙන තවත් සේවාවක් ..................................................

මෙහි විශේෂ රුධිර ප්‍රතිකාරක රාශියක් සිදු කෙරේ ඒ අතරින් හිමියොන්ලින්කෝසයිට් ඇන්ටිජන් ටෙස්ටින් ප්‍රධානවේ.ගර්භනී මව්වරුන්ගේ ශරීරයේ කුස තුල වැඩෙන කුඩා බිලිදුන්ට එරෙහිව කිසියම් ප්‍රතිදෙහයක් නිපදවා තිබේද යන  පරීක්ෂනත් මෙමගින් සිදුකරනවා ..

Friday 16 November 2012


ජාතික රුධිර මධ්‍යස්ථානයේ නවතම ප්‍රවණතා


ජාතික රුධිර මද්යස්ථානයේ වර්තමාන රසායනාගාරයේ භාවිතා  කර ඇත්තේ සීරෝ ලෝගිකල් ටෙස්ටින් කියන සම්ප්‍රදායික ක්‍රමයයි.නමුත් නව තාක්ෂනය යටතේ විධිමත් සේවාවක් ජනතාවට ලබා දීමට ජාතික රුධිර මද්යෂ්ඨනය බලපොරෝත්තුවනවා.නෙදර්ලන්තයෙන් ලැබීමට නියමිත උපකරණ අතර ලුමිනස් සොකුලයිටෝ මීටර් නම් තාක්ෂණයෙන් යුතු උපකරණයක්ද සතුවෙනවා.මේවා දැනට ලංකාවේ කිසිම තැනක දක්නට ලැබෙන්නේ නෑ ඒවා ආධාරයෙන් මෙතෙක්කල් කල පරීක්ෂණ නිවැරදි අක්කරයට කරන්නට ජාතික රුධිර මධ්‍යස්ථානය බලාපොරොත්තුවනවා.එමගින්  හදුනා ගැනීම් කරන්නට පුළුවන්.H L A අන්ටිගන් මගින් ඒවායේ ප්‍රතිපල දැනගැනීමට පුළුවන්.එය වඩාත්ම නිවැරදිව සැසදීම් කරන ඒවා.ක්ලොසයීඩෝ මීටරයක් ආධාරයෙන් මෙම පරීක්ෂණ පෙරට වඩා ප්‍රතිපල සහිතව කරන්නට පුළුවන්කම ලැබෙනවා.මේ සියලුම උපකරණ,තාක්ෂණික දැනුම මේ වසර ඇතුලත ජාතික රුධිර මද්යස්ථානයට ලැබෙන්න පටන්ගන්නවා,ලබන වසර අවසන් වන විට,මේහි පුර්ණ කටයුත අවසන් වේ.

Thursday 15 November 2012

ජාතික රුධිර මධ්‍යස්ථානය පිළිබද නවතම තොරතුරු සහ නව සේවාවන් ...........
වකුගඩු බද්ධ කිරීමේදී ,ඇට මිදුළු බද්ධ කිරීමේදී  මෙන්ම විවිධ රෝගී අවස්ථා නීර්ණය කරගැනීමේදී පටක සැසදුම් පරීක්ෂණය සිදු කරනු ලබයි.මෙම පරීක්ෂණය ලංකාවේ සිදු කරනු ලබන්නේ ජාතික රුධිර මධ්‍යස්ථානයේ පමණි.සෞඛ්‍ය අමාත්යංශය යටතේ විශාල මෙහෙවරක් ඉටු කරනු ලබන ජාතික රුධිර මද්යස්තනයමද්‍යස්ථානයට මෙම වර්ෂය අවසානයේදී නෙදර්ලන්තය මගින් ආධාර ලැබීමට නියමිතය.ඒ යටතේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය මූල්යධාරත් රසායනාගාර වලට අවශ්‍ය යන්ත්‍රෝපකරණ රාශියක්ද ඇතුලත්වේ.රුධිර මධ්‍යස්ථානය පවසා සිටින්නේ ඔවුන් සම්ප්‍රදායිකව කල පරීක්ෂණ ක්‍රම වෙනුවට මෙමගින් නව තාක්ෂණික ක්‍රම හදුන්ව දිය හැකි බවයි.එම යන්ත්‍ර ඔස්සේ පරීක්ෂණ ඉතා නිවැරදි ආකාරයට කිරීමටද ඔවුන් බලපොරෝතුවනවා .ලබන වර්ශය අවසාන වන විට මෙහි පුර්ණ කටයුත්ත අවසන් වීමට නියමිතය..........................

history of national blood bank


ජාතික රුධිර මධ්‍යස්ථානයේ ඉතිහාසය

*ලේ ලබා දීමේ සේවය මුලින්ම ආරම්භ වුයේ -1950
*එය ජනතා අයිතියට පත් වුයේ -1959
(ඒ සඳහා මුල් වී ක්‍රියා කරේ එස් .ඩබ්ලිව් .ආර්.බණ්ඩාරනායක මහතායි.)
*ලංකාවේ තිබු එකම ලේ බැංකුව මෙය පමණි.එයද ජාතික රෝහලට යාබදව එක් කාමරයක් සහිතව පවත්වාගෙන යන ලදී.
(එය තාවකාලිකව පවත්වාගෙන යන ලද්දකි)
*ලේ බැංකුව ජාතික රෝහලට යාබද ස්ථිර ගොඩනැගිල්ල්ලකට ගෙන යන ලදී-1960
*රතු රුධිරානු ලබා දෙන විශේෂිත  රුධිර දායකයින්ට සහතිකයක් හදුන්ව දෙන ලදී-1967
(ඔවුන්ට ලේ දීමට හැකි වුයේ නොමිලේමය)
*අනිකුත් රුධිර දායකයින්ට අවම වශයෙන් රුපියල් 10 ගාස්තුවක් ලේ ලබාදීම වෙනුවෙන් ගෙවීමට සිදු විය.)
*ලේ බැංකුව සෞඛ්‍ය අමාත්‍යංශය
නේ නෑ-1968න් යටතේය.එය 124 දෙනෙකුගෙන් සුසැදි සේවක මණ්ඩලයක් විය.
*මුදල් ගෙවමින් ලේ බැංකුවට ලේ ලබාදීමේ ක්‍රියාවලිය අත්හිටුවන ලද අතර රුධිර දායකයින් මෙමගින් දිරිගන්වන ලදී-1979
*රෝහල් ගණනාවකම ලේ බැංකු 20ක් පමණ මෙම කාලයේ ස්ථාපිත උණා.එයින් 12ක්ම හදිසි අවසවන් වලට ලේ ලබා දීමේ සේවා ලෙස පිහිට වුවා.mobile ලේ දන්දීමේ සේවා බිහි වුයේත් මේ කාලයේමයි.-1980
*ජාතික රෝහලට අනුබද්ධිතව රුධිර මධ්‍යස්ථානය ආරම්භ කලා.විදුරු බෝතල් වෙනුවට ප්ලාස්ටික් බෝතල් වල ලේ එකතු කිරීම ආරම්භ කලෙත් මේ වර්ෂයේදී-1981
*ජාතික රුධිර සේවාව විශේෂ වැඩසටහනක් යටතේ රසායනාගාර සේවාවක් ආරම්භ කලා.එමෙන්ම මෙම කාලයේදී රුදිර දායකයින්ගේ ප්‍රතිශතයද 97%කින් වර්ධනය උණා.ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කොල්ලු ඇට වලින් Anti A1 නිෂ්පාදනය කරා.-1982
*අනිකුත් ලේ බැංකු වලටත් ප්ලාස්ටික් ලේ එකතු කිරීමේ බාගය හදුන්ව දෙන ලදී-1985
*ඒඩ්ස් වෙනුවෙන් හදිසි සෞක්‍ය ඒකකයක් හදුන්වා දෙන ලදී-1987
*ප්‍රධාන වශයෙන් රසයනග්ර සේවාවක් කොළඹ උතුරු ප්‍රදේශයේ සහ මහනුවර ප්‍රදේශයේ පිහිටුවන ලදී-1988
*කරාපිටිය,කුරුණෑගල,මහරගම,අනුරාධපුර,බදුල්ල,පේරාදෙණිය යන ප්‍රදේශවල රසායනාගාර සේවා පිහිටුවන ලදී.මේ වනවිටත් ලේ බැංකු 32ක් බිහිවී තිබුණා.හදිසි රුදිර මධ්‍යස්ථාන 10ක් තිබ්බ.ජාතික රුධිර මද්‍යස්ථානය මගින් මෙයට අවශ්‍ය නිලධාරීන් පුහුණු කරවන ලදී.-1990
*ජාතික රුධිර සේවා මධ්‍යස්ථානය ප්‍රධාන මද්යෂ්ඨනයක් බවට පත් උණා.විධිමත් රසායනාගාර සේවා මෙන්ම,විධිමත් පුහුණුව ලත් නිලධාරී මණ්ඩලයක් එයට පත් උණා.එහි ප්‍රථම අධ්‍යක්ෂක වුයේ,වෛද්‍ය බින්දුසාර මහත්මියයි.
-1999
*තාවකාලික අධ්‍යක්ෂක ලෙස වෛද්‍ය ආනන්ද ගුණසේකර මහතා පත්වුණි.-2009
***රටට ගුණාත්මක සේවාවක් ඉටු කරමින් ජාතික රුධිර මද්‍යස්ථානය තවමත් ක්‍රියාකාරී ආයතනයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පවතී.

 

Monday 29 October 2012

*රුධිරයේ වැදගත්ම මුල් පුරුක වන්නේ රුධිර දායකයා ලබා දෙන රුධිරයයි.
රුධිරය ලබාදීමට මුලික සුදුසුකම් කිහිපයක්ම සපුරාලිය යුතුය.
# රුධිර දායකයා අවුරුදු 50 කට වඩා  වැඩි විය යුතුය.
# වයස අවුරුදු 18 ත් 60 ත් අතර විය යුතුය.
#රුධිර දායකයට ලේ දීමට හැකි වන්නේ මස 04 කට වරක් පමණයි.
# රුධිර පට්ටිකා පමණක් ලබා දෙන දායකයෙකුට සති 02 කට වරක් දිය හැක .
# තම අනන්‍යතාවය රුධිර දායකයා විසින් තහවුරු කල යුතුය.

*කිසිදාක ලේ දීමට දායක විය නොහැකි වන්නේ .....

# H I V  රෝගීන්ට
# තදබල හදවත් රෝග ඇති අය
# දිගින් දිගටම අපස්මාරය පවතින අය
# පිලිකා රෝගීන්
# රුධිරගත රෝගීන්